සන්නිවේදනය මාධ්‍ය අධ්‍යනය ඇගයීම
නම :යූ.ඩී.රුමේෂා සුබසිංහ
ලියාපදිංචි අංකය :BS25SD0051
විෂය ධාරාව : දෙවන බස සිංහල
කාලය :විනාඩි 80
ශ්‍රේණිය : 9 ශ්‍රේණිය
පාඩම : ලෑලි පාලම
ඒකකය :ඒක වචන බහු වචන
ඉගෙනුම් පල:
1.ශිෂ්‍යයා ඒක වචන බහු වචන යනු කුමක්දැයි නිවැරදිව හඳුනාගෙන ප්‍රකාශ කරයි.
2.ශිෂ්‍යයා ඒක වචන බහු වචනයට හරවන රීති 04ක් නිවැරදිව හඳුනාගෙන නම් කරයි.
3.ශිෂ්‍යයා ඒක වචන හා බහු වචන ඉගෙනීම දෛනික වැඩ කරයුතුවලදී වැදගත් වන බව අගයමින් කතා කරයි.
4.ශිෂ්‍යයා කණ්ඩායමක් ලෙස දෙන ලද ඒක වචන හා බහු වචන කාඩ්පත් නිවැරදිව ගළපයි.
5.ශිෂ්‍යයා දෙන ලද වචනයට අදාළ ඒක වචනය හා බහු වචනය ලියයි.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය :
1 වන පියවර (ප්‍රවේශය)
Youtube වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම
ගුරු:ඒකවචන බහු වචන වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම
සිසු:වීඩියෝපටය අවධානයෙන් නැරඹීම
https://youtu.be/aM_Dw4Akz1Q?si=7dzKSp6z_MTMGjP_
(මිනිත්තු 10)
2 වන පියවර
ඒකවචන බහු වචන රීති power point ඉදිරිපත් කිරීම
ගුරු:ඒක වචන බහු වචන ගැන රීති 04ක් කියා දීම.සිසුන්ගෙන් උදාහරණ විමසීම
සිසු:සිසුන් රීති 05 ගැන අවධානයෙන් අසා සිටීම.සිසුන් උදාහරණ ප්‍රකාශ කිරීම.
(මිනිත්තු 30)
3 වන පියවර
කණ්ඩායමක් ලෙස එකතු වී ඒක වචන බහු වචන ගැළපිම
ගුරු:සිසුන් කණ්ඩායම් කර වචන කාඩ්පත් 15ක් ලබා දෙයි.
සිසු : කණ්ඩායමක් ලෙස එකතු වී බහු වචනය ගළපයි.
මිනිත්තු (20)
4 වන පියවර
ඒකවචයට ගැළපෙන බහු වචනය තෝරා ලියයි.
ගුරු:ඒක වචන 20ක් ලබා දී බහු වචන ලිවීමට ලබා දෙයි
සිසු:ඒකවචනයට ගැළපෙන බහු වචනය ලියයි
(මිනිත්තු 20)
පසුවැඩ
තමා අවට පරිසරයේ ඇති දේවල් 10ක් ඒක වචනයෙන් ලියා ඒවා බහු වචනයට හරවා whatsapp සමූහය වෙත යොමු කරන්න.
Comments
Post a Comment